ප්‍රථම 20-20 ශතකය චමරිගෙන්

සැප් 29, 2019

    ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු සිය 20යි 20 පළමු ශතයක වර්තා කිරීමට සමත් වූවාය.

    ශ්‍රී ලංකා කාන්තා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන චමරි අතපත්තු මෙම ශතකය වර්තාකරනු ලැබූයේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩාම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කන්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරඟ ඔස්ට්‍රේලිවේ සිඩ්නි නුවර පැවැත්විණි.

    මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් බෙත් මූනි පන්දු 61 ලකුණු 113ක් රැස් කළ අතර ඇෂ්ලි ගාඩ්නර් පන්දු 27ක දී ලකුණු 49ක් රැස් කිරීමට සමත් විය. ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 217යි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ඕෂදී රණසිංහ ලකුණු 44කට කඩුලු 2ක් බිඳහෙලූ අතර චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියාය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් පමණයි. මේ තරගයේ සුවිශේෂී සිද්ධිය වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ශතකය වාර්තා කිරීමට නායක චමරි අතපත්තු සමත් වීමයි.

    Latest News