නෙදර්ලන්තය දණ ගැස්වූ සිංහයෝ ශූරයෝ වෙයි

ජූලි 09, 2023

    ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වුනා.

    ඒ, සිම්බාබ්වේ හරාරේහි දී.

    තරගයෙන් ලකුණු 128ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

    කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වඩ්ස් මුලින්ම පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව පන්දු වාර 47.5ක් අවසනදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 233ක් ලබා ගත්තා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 71 කදී ලකුණු 57ක් රැස් කළා. ඔහු අද වාර්තා කළේ සිය මංගල එක්දින අර්ධ ශතකයයි. පන්දු 65 කදී වාර්තා වූ ඊට හතරේ පහර තුනක් ඇතුලත්. කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් සහ චරිත් අසලංක ලකුණු 36ක් ලබා ගත්තා.

    වෑන් බීක්, ෂකීබ් සුල්ෆිකර්, වික්‍රම්ජිත් සිං, රයන් ක්ලෙයින් කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.

    ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය දණ ගැස්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දු වාර 23.3 කදී නෙදර්ලන්ත ඉනිම ලකුණු 105 කට සීමා කළා. මැක්ස් ඔඩොවුඩ් ලකුණු 33යි.

    මහීෂ් තීක්ෂණ කඩුලු 4ක්, ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් සහ වනිදු හසරංග කඩුලු 2ක් දවා ගත්තා.

    ඒ අනුව 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කුසලානය අපරාජිත ශ්‍රී ලංකාව දිනා ගත්තා.

    තරගයේ වීරයා ඩිල්ෂාන් මධුසංඛ. තරගාවලියේ වීරයා සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස්.

    Latest News