මාලිංග ජාත්‍යන්තර පිටියට සමුදීමට සූදානම්

මාර් 23, 2019

    ලසිත් මාලිංග 2020 T-20 ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. 

    දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ද ඔහු මේ බව කියා සිටියේය. මාලිංග මේ දක්වා විස්සයි විස්ස තරගවලදි දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 97 ක්. ඔහුට වඩා ඉහළින් සිටින්නේ පාකිස්තානය නියෝජනය කළ සහීඞ් අෆ්රිඩි පමණයි.

    අෆ්රිඩි විස්සයි විස්ස කඩුළු 98 ක් දවාගෙන තිබේ. ඒ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල වැඩිම කඩුළු ලාභියාවීමට තවත් කඩුළු 2 ක් පසු පසින් සිටින මාලිංග අයි. පී. එල්. තරගාවලියේ වැඩිම කඩුළුලාභියා ලෙස ඔහු වාර්තා අතරට පිවිස සිටි.

    මේ අතර අයි පී එල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරිමට අවස්ථාව හිමිව තිබුණ ද එහි පළමු තරග 6 අහිමි වී තිබේ. ඒ, ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වය දැරීමට සිදුවීම නිසාවෙනි. එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරාගනු ලබන්නේ එම තරගාවලියේ දක්‍ෂතා අනුවයි.

    කෙසේ වුවද ශ්‍රි ලංකා ක්‍රිකට් අයතානය අද ප්‍රකාශ කලේ ඔහුගේ එම තීරණය මේ වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙත දැනුම් දී නොමැති බවයි.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 16:17

    Latest News