ඩුප්ලසී‍ගේ නායකත්වය ඩුමිනිට දී මාලිංග සමඟ අභියෝගයට

මාර් 22, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි 20-20 තරගය අද (22 ) රාත්‍රී 9.30 ට සෙන්චූරියන්හිදී ආරම්භ වේ.

    පළමු තරගය සුපිරි ඕවරයේදී ජයගත් දකුණු අප්‍රිකාව, 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටී. යොවුන් පිතිකරු සධීර සමරවික්‍රම අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

    දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන නායක ෆෆ් ඩුප්ලෙසි, ක්වින්ටින් ඩි’කොක්, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තාහිර් දෙවැනි තරගයට සහභාගි නොවන අතර ඔවුන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

    ඞ්වේන් ප්‍රිටෝරියස්, ක්‍රිස් මොරිස් සහ ලුතෝ සිපම්ලා දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා සිටින අතර, ජේ.පී. ඩුමිනි දකුණු අප්‍රිකාව මෙහෙයවයි.

    අද තරගය ශ්‍රී ලංකා පිලට තීරණාත්මක වේ. එය අයි නාලිකාවෙන් රාත්‍රී 9.30 සිට විකාශය කෙරේ.

    Latest News