ඉසුරු උදානගේ හුදකලා සටනේ ජය අප්‍රිකාවට

මාර් 23, 2019

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ වගකීම් විරහිත භාවයෙන් දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (22) පැවති විස්සයි විස්ස පන්දුවාර තරගයෙන් ශ්‍රි ලංකාව අවසනාවන්ත පරාජයක් ලැබීය.

    දකුණු අප්‍රිකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයින් කිහිප දෙනෙකුම ඊයේ තරගයට සහභාගී නොවීම සුවිශේෂිවේ.

    කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩයම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට අවස්ථාව ලබාදුන් අතර නියමිත පන්දුවාර 20 තුල කඩුලු 03ක් දැවී ලකුණු 180ක් රැස් කළේය. 

    ඉසුරු උදාන විසින් දකුණු අප්‍රිකානු පළමු කඩුල්ල ලෙස ඒඩන් මාක්ක්‍රම් ලකුණු 3ක් ලබාගෙන සිටියදී දවා ගන්නට සමත්වුවද ශ්‍රි ලංකා කණ්ඩායමට එහි වාසිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට දකුණු අප්‍රිකා පිතිකරුවන්ගෙන් අවස්ථාව නොලැබිණ.

    ඉන්පසුව පිටියේ ස්ථාවර වූ රීසා හෙන්ඩ්‍රික්ස් සහ වෑන් ඩේ ඩුසෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රබල ප්‍රහාරයකට ලක් කරමින් දෙවන කඩුල්ලට ලකුණු 116ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කරනු ලැබිණ. වෑන් ඩේ ඩුසෙන් ලකුණු 64ක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 65ක් ලබා ගත්තේය.

    රීසා හෙන්ඩ්‍රික්ස් දැවී යාමෙන් පසු පිටියට පැමිණි ජේ.පී ඩුමිනි පන්දු 17කදී වේගවත් ලකුණු 33ක් රැස් කළේය. ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ අකිල ධනංජය කඩුලු එක බැගින් දවා ගැනිමට සමත්වුයේය.

    ලකුණු 181ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුල, ලකුණ 164කට සීමා කිරිමට දකුණු අප්‍රිකාවට හැකි වුයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරන රටාව හේතුවේනි.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වුද පසුගිය තරග කිහිපයේදීම සාර්ථක පිතිකරණයක නිරතවු ඉසුරු උදාන හුදකළ සටනක නිරත වෙමින් පන්දු 48 කදී ලකුණු 84ක් රැස් කළේය.

    ශ්‍රී ලංකා කණ්ඩාය මෙම තරගයේදී ජයග්‍රහණය පේනමානයේ පරාජයට පත්වුයේ ඉදිරි පෙළ පිතිකරුවන් සිය වගකීම් ඉටු නොකල නිසාවෙනි. ඒ අනුව ඊයේ තරඟය ලකුණු 16 කින් ශ්‍රි ලංකා කණ්ඩායම පරාජය කිරිමට දකුණු අප්‍රිකාව සමත්වුයේය. 

    පන්දු යැවීමේදී ක්‍රිස් මොරිස් කඩුලු 03ක් බිඳ දැමු අතර ඩේල් ස්ටේන් සහ ශම්සි ශ්‍රී ලංකා කඩුලු 02ක බැගින් බිඳ හෙලීය. තරඟ තුනකින් සමන්විත, ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා 20-20 තරඟාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුයේය.

     

    Latest News