අඛණ්ඩව වසර 13 ක් සමස්ත ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

නොවැ 14, 2022

    සමස්ත ලංකා අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය දින තුනක් පුරා වෙන්නප්පුව ඇල්බට් එෆ් ඇෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

    තරඟ පැවැත්වුණේ 13න් පහළ, 15 පහළ 17 පහළ සහ 19 න් පහළ ලෙසයි. වයස අවුරුදු 13 න් පහළ අවසන් තරගයට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සුදුසුකම් ලබා තිබුණා.

    ඉන් ලකුණු 9 ට 6 ක් ලෙස ජය වාර්තා කළේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයයි. වයස අවුරුදු 15න් පහළ අවසන් තරගයට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය සුදුසුකම් ලබා තිබුණා.

    ලකුණු 28 ට 10 ක් ලෙස පහසු ජයක් වාර්තා කළේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ ක්‍රීඩිකාවන්. 17 පහළ අවසන් තරගයට තරගයට සුදුසුකම් ලබා තිබුණේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය යි. එම තරගයෙන් ද කුරුණෑගල ශුද්ධ වූ පවුලේ ක්‍රීඩිකාවන් ජය වාර්තා කළේ ලකුණු 34 ට 24 ක් ලෙස.

    දහනවයෙන් පහළ අවසන් තරගය පැවැත්වුණේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්යාරාමය සහ සහ කළුතර බාලිකා විද්‍යාලය අතර. එම තරගයෙන් ද ශුද්ධ වූ පවුලේ ක්‍රීඩිකාවන් ක්‍රීඩිකාවන් ජය වාර්තා කළේ ලකුණු 27 ට 13 ක් ලෙස.

    ඒ අනුව තරගාවලියේ වයස් කාණ්ඩ හතර හිම ශූරතා දිනාගැනීමට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා. ඔවුන් තරගාවලියේ සමස්ත ශුරතාව ද හිමිකර ගත් අතර පවුලේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය මෙහි සමස්ත ශූරතාව අඛණ්ඩව දින දහතුන් වැනි අවස්ථාව මෙයයි.

    Latest News