ඉන්දිකගෙන් නව වාර්තාවක්

නොවැ 13, 2022

    බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ පොලොන්නරුවේදී පැවති ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී.

    තරගාවලියේදී ඉන්දික දිසානායක නියෝජනය කලේ කිලෝග්‍රෑම් 73 බර පන්තියයි. ඔහු එහිදී ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 135 ක බරක් ඔසවනු ලැබුවා.

    එය නව ශ්‍රී ලංකා වාර්තාවක්. ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් එසවූ බර කිලෝග්‍රෑම් 161 ක්.

    ඔහු කිලෝග්‍රෑම් 296 ක සමස්ත බරක් ඔසවමින් එම බර පන්තියේ රන් පදක්කම හිමි කර ගත්තා. මෙම තරගාවලියේදී මීට පෙර කිලෝ ග්‍රෑම් 55 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවීමට දිලංක ඉසුරු කුමාර සමත් වුණා.

    Latest News