7 වැනි වරටත් ආසියා කිරුළ ඉන්දියාවට.

ඔක් 15, 2022

    2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව තමන් සතුකරගත්තා.

    කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 65ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණූ 71ක් වාර් තා කලේ පන්දුවාර 8යි පන්දු තුනක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදීයි.

    ඉන්දියාව වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කල ස්ම්‍රීති මන්ධනා පන්දු 25 කදී නොදැවී ලකුණු 51ක් වාර් තා කලේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගිනුයි. ඒ අනුව මෙවර ඡයග්‍රහනයත් සමග ඡාත්‍යන්තර ආසියානු කුසලානය වැඩිම වරක් දිනූ රට බවට ඉන්දියාව පත්වුනා. ඒ හත් වැනි වරටත් ශූරියන් වෙමින්. 

    Latest News