බලාපොරොත්තු ජය ගත් ඉන්දියානුවෝ

සැප් 05, 2023

    ආසියානු කුසලාන ,ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත්වුණා

    .
    ඒ නේපාලය සමඟ පැවැති තරගයේ ජය වාර්තා කරමින්.
    තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
    කාසිය වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නේපාලයට ලබා දුන්නා.
    තරගයට විටින් විට වර්ශාවෙන් බාධා ඇතිවූ අතර පන්දු වාර 48.2 ක් අවසානයේ නේපාලය සියල්ලන් දැවී ලකුණු 230 ක් ලබා ගත්තා.
    ආසිෆ් ෂේක් ලකුණු 58යි. රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂමී කඩුලු 3 බැගින් දවා ගත්තා.
    ලකුණු 231 ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 2.1 කදී කිසිවෙකු නොදැවී ලකුණු 17ක් ලබා සිටිය දී තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඉන්දීය ඉනිම තාවකාලිකව නතර කෙරුණා.
    අනතුරුව තරගය රාත්‍රී 10.15 ට යළි ආරම්භ කෙරුණේ ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 23 කදී ලකුණු 145 ක ඉලක්කයක් ලබා දෙමින්.
    ඉන්දියාව පන්දුවාර 20.1 අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 147 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.
    රෝහිත් ශර්මා නොදැවී 74 යි. ශුබ්බන් ගිල් නොදැවී ලකුණු 67 ක් රැස් කළා.
    එම ජයග්‍රහණයක් සමඟ සමග ඉන්දියාව ආසියානු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබුවා.

    Latest News