T20 ලෝක කුසලානය අරඹමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අද තරඟ බිමට

ඔක් 16, 2022

    update-තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    ජිලොන්ග්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා.  

    2022 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තවත් පැය කිහිපයකින් ඔස්ට්‍රේලියාවේ, ජීලොන්ග්හිදී ආරම්භ වෙයි. පළමු තරගය අද මෙරට වේලාවෙන් 9.30ට ආරම්භ වන්නේ, ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි.


    කණ්ඩායම් 16ක් එක් කුසලානයක් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7කදී තරග 45කට සහභාගී නියමිතයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයේ A කාණ්ඩයෙන් තරග කරන අතර නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නෙදර්ලන්තයට එරෙහිවතරග කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 09:13

    Latest News