ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට ක්‍රිකට් තරගය

ජූලි 08, 2022

    ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට ක්‍රිකට් තරගය අද ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ක්‍රීඩකයින් තිදෙනෙකු ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබා ගත්තා.

    ‍එලෙස ටෙස්ට් වරම් හිමි කර ගත්තේ, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ හා ප්‍රභාත් ජයසූරිය යන ක්‍රීඩකයින්. තරගයේ කාසියේ වාසිය ජය ගත් ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ, උස්මාන් කවාජා සහ ඩේවිඩ් වෝනර්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 15 ක් වන විට වෝනර් දැවී ගියේ කසුන් රජිතගේ පන්දුවකට. තරගය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා.

    Latest News