ශ්‍රී ලංකා-ඕස්ට්‍රෙලියා දෙවන එක්දින තරගය අද

ජූනි 16, 2022

    සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (16) පැවැත්වේ.

    තරඟය අද (16) දහවල් 2.30 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

    පසුගිය තරඟයේදී සිදුවූ ආබාධයක් හේතුවෙන් අද පැවැත්වෙන තරඟය බොහෝදුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට අහිමිවනු ඇති බව සඳහන්. ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කරනු ඇත.

    එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බව වාර්තවේ.

    අද තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩයමට ආරාධනා කර තිබේ.

    දෙරට අතර පැවති පළමු එක්දින තරඟය ඩක්වර්ත් ලුවීස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

    Latest News