ඛෙත්තාරාමය "කහ" වන තරගය අද

ජූනි 24, 2022

    සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව අද පස්වරු 02.30 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භවීමට නියමිතව තිබේ.

    ඒ අතර අද පැවැත්වෙන තරගය සඳහා කහ වර්ණයෙන් සැරසී එන ලෙස ක්‍රීඩාලෝලීන් හට ඉල්ලීමක් යොමුව තිබේ.

    ඒ, කළගුණ දත් ජාතියක් ලෙස ලොවට කියා පෑමටයි. ශ්‍රී ලංකාව වැටී සිටින මේ අසීරු ආර්ථික අර්බුද අවස්ථාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම ඇතුළු ආර්ථිකයට ඍජුව හෝ වක්‍රව බලපාන අංග මෙම තරගාවලිය නිසා ධනාත්මකව බලපෑමක් සිදු විය. ඒ අවස්ථාවට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිසිදු පැකිලීමකින් තොරව සහභාගී විය. එ් අනුව ඒ වෙනුවෙන් කළගුණ සැලකීමේ අවස්ථාව මෙරට ජනතාවට මේ තරගයෙන් උදාවී තිබෙනවා.

    මෙම තරගාවලියේ මෙරට නිල විකාශන අයිතියේ හිමි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටයි. අද තරගය අයි නාලිකාව ඔස්සේ ප.ව. 2.30 සිට විකාශය කෙරේ.

    තරග පහකින් යුත් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 ට 1 ක් ලෙස මේ වන විටත් ජයගෙන අවසන් අතර අද තරගය තරගාවලියේ ප්‍රතිඵලයට බාධාවක් වන්නේ නැහැ.

    T20 තරගාවලිය 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තා.

    Latest News