ඕස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ජූනි 10, 2022

    සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

    ඉන් පළමු තරග දෙක මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, ඉතිරි තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පෑත්වෙනු ඇති.

    මේ අතර දැනට පැවැත්වෙන විස්ස යි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ම ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය හිමි කරගත්තේ, ඔස්ට්‍රේලියාව යි.

    අවසන් විස්ස යි විස්ස තරගය හෙට (11) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දි පැවැත්වීමට යි සූදානම් කර ඇත්තේ.

    මෙම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් හා භානුක රාජපක්ෂ යළි කැඳවා ඇති අතර 19 පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේද කැඳවා තිබීම විශේෂත්වයක්.

    එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය

    දසුන් ශානක (නායක)
    පැතුම් නිස්සංක
    ධනුෂ්ක ගුණතිලක
    කුසල් මෙන්ඩිස්
    චරිත් අසලංක
    ධනංජය ද සිල්වා
    දිනේශ් චන්දිමාල්
    භානුක රාජපක්ෂ
    නිරෝශන් දික්වැල්ල
    වනිඳු හසරංග
    චාමික කරුණාරත්න
    දුෂ්මන්ත චමීර
    අසිත ප්‍රනාන්දු
    නුවන් තුෂාර
    රමේෂ් මෙන්ඩිස්
    මහීෂ් තීක්ෂණ
    ප්‍රවීන් ජයවික්‍රම
    ජෙෆ්‍රි වැන්ඩසේ
    ළහිරු මධුසංක
    දුනිත් වෙල්ලාලගේ
    ප්‍රමෝද් මධුෂාන්

    Latest News