පකිස්තාන ක්‍රිකට් පිල දිවයිනට...

ජූලි 07, 2022

    ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා පකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.

    දෙරට අතර, ටෙස්ට් තරගාවලියට තරග‍ දෙකක් ඇතුළත්. මෙය ලෝක ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තාන කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. කණ්ඩායමේ නායකයා බාබර් අසාන්. ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර පකිස්තාන කණ්ඩායම තෙදින පුහුණු තරගයකටද සහභාගි වීමට නියමිතයි. එය ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙනවා. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ ලබන 16 වැනිදායි. එය පැවැත්වෙන්නේ, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා ආරම්භ වන අතර, එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

    Latest News