ඔස්ට්‍රේලියාව සමග දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 26 ක ජයක්

ජූනි 17, 2022

    සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (16) සමත් විය.



    කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ දී වර්ෂාවෙන් බාධා වීමට ප්‍රථම ශ්‍රී ලංකාව ඕවර 47.4 කදී කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කර ගැනීමට සමත් වුනා.

    එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක්, දසුන් ශානක සහ ධනංජය සිල්වා ලකුණු 34 බැගින් රැස් කර ගනු ලැබුවා.

    වර්ෂාවෙන් එල්ලවූ බාධාවන් හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 42 කට සීමා කෙරුණු අතර එහිදී ඔවුන්ට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් හිමි වුනා.

    ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුල් භාගයේ දී තරගයේ පාලනය සියතට ගෙන තිබුණද අවසන් පන්දු ඕවර කිහිපයේදී චාමිකර කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුලු 05 ලකුණු 19කට දවා ගැනීමට සමත් වුණා.

    පන්දු යැවීමේදී චාමිකර කරුණාරත්න ලකුණු 47 ට කඩුලු 3ක් දවා ගනු ලැබුවා. එමෙන්ම දුෂ්මන්ත චමීර, ධනංජය සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ ද කඩුලු 02 ක බැගින් දවා ගැනීමට සමත් වුණා.

    තරගයේ වීරයා සම්මානය හිමිවූයේ දුවද්දී දවා ගැනීමකට ද දායක වූ චාමික කරුණාරත්නටයි.

    තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රෙලියා එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට 1 : 1ක් ලෙස සමවී තිබෙනවා. තුන්වන තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News