පළමු එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

ජූනි 15, 2022

    සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඩක්වර්ත් ලුවීස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 300 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 86 ක්, පැතුම් නිස්සංක ලකුණු 56 ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 55 ක්, චරිත් අසලංක ලකුණු 37 ක් හා වනිඳු හසරංග ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට වර්ෂාවෙන් තරඟයට බාධා පැමිණීම නිසා ලැබුණු ඉලක්කය වූයේ පන්දු ඕවර 44 කදී ලකුණු 282 ක්.

    කෙසේවෙතත් ඔවන් 43 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

    පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Steven Smith ලකුණු 53 ක්, Aaron Finch හා Marcus Stoinis ලකුණු 44 ක් හා Glenn Maxwell ලකුණු 80 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 4 ක් බිඳහෙලුවා.

    සිය මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත්වීම විශේෂත්වයක්.

    Last modified on බදාදා, 15 ජූනි 2022 09:41

    Latest News