ශ්‍රී ලංකා - ඕස්ට්‍රෙලියා පළමු එක්දින තරඟය අද

ජූනි 14, 2022

    සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය අද (14) ආරම්භවීමට නියමිතයි.

    ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද පස්වරු 2.30ට මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වෙයි. 

    අද පැවැත්වෙන තරඟයේදී යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ,ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු ද එක්දින වරම් හිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, දසුන් ශානක පවසන්නේ.

    අද තරඟය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

    Latest News