T20 පළමු තරගයේදී ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

ජූනි 08, 2022

    සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති 20-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

    කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. 

    ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128 ක් ලබා ගැනීමට සමත් විය.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36ක්, චරිත් අසලංක ලකුණු 38ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 26ක් හා වනිඳු හසරංග ලකුණු 17ක් ලබා ගත්තේය.

    පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම 14 වැනි පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් David Warner ලකුණු 70ක් හා නායක Aaron Finch ලකුණු 61ක් ලබා ගැනීමට සමත් විය. 

    Latest News