ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා පළමු T20 තරගය අද

ජූනි 07, 2022

    සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (07) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඒරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් තරගයට එක්වීමට නියමිතයි.

    පළමු තරගය සඳහා නම් කළ කණ්ඩායම

    දසුන් ශානක - නායක
    පැතුම් නිස්සංක
    ධනුෂ්ක ගුණතිලක
    චරිත් අසලංක
    කුසල් මෙන්ඩිස්
    භානුක රාජපක්ෂ
    වනිඳු හසරංග
    මහීෂ් තීක්ෂණ
    චාමික කරුණාරත්න
    දුෂ්මන්ත චමීර
    නුවන් තුෂාර

    අද තරගය සදහා සියළුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

    අද තරගය සජීවීව අයි නාලිකාවෙන් විකාශය කෙරේ.

    Last modified on අඟහරුවාදා, 07 ජූනි 2022 11:34

    Latest News