IPL; ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස්ට ජය...

මැයි 01, 2022

    ඉන්දීය ප්‍රියිමර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්වුණා.

    ගුජරාට් ටයිටන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ මුම්බායිහිදී. මුලින් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 170ක් රැස් කළා. විරාත් කෝලි ලකුණු 58ක් ලබාගත් අතර, රාජට් පැටිඩර් ලකුණු 53යි. පන්දු යැවීමේදී ප්‍රදිප් සන්ග්වන් කඩුලු 2ක් දවාගත්තා.
    පිළිතුරු ඉනිම ආරම්භ කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19යි, පන්දු 03ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 174ක් රැස්කර ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා. රාහුල් ටෙවෙයිටා නොදැවී ලකුණු 43යි. පන්දු යැවීමේදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ලකුණු 28කට කඩුලු 02ක් බිඳ හෙලුවා.

    රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම් අතර තරගය ද මුම්බායිහිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 158ක් රැස් කළා. ජෝස් බට්ලර් ලකුණු 67යි.

    Mumbai px 900 01 05 22
    පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19යි, පන්දු 2ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 161ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගැනීමට සමත්වුණා. සුර්ය කුමාර් යාදෙව් ලකුණු 51යි. තිලක් වර්මා ලකුණු 35ක් සහ ඉෂාන් කිෂාන් ලකුණු 26ක් රැස් කළා.

    Latest News