ජීවන් මෙන්ඩිස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

දෙසැ 28, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ජීවන් මෙන්ඩිස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

    ට්විටර් සටහනක් තබමින් ඔහු ඒ ගැන සඳහන් කර තිබුණා. 2010 වසරේදී ජාත්‍යන්තර තරග අවස්ථා හිමිකරගත් ජීවන් මෙන්ඩිස්, එක් දින තරග 58 කට සහභාගී වී කඩුලු 28 ක් බිඳහෙලා ඇති අතර, ලකුණු 636 ක් රැස්කර තිබෙනවා. ඔහු සහභාගීවූ 20 - 20 තරග ගණන 22 ක්. එම තරගවලදී කඩුලු 12 බිඳහෙළා ඇති අතර, රැස් කළ ලකුණු සංඛ්‍යාව 207 ක්. ජීවන් මෙන්ඩිස් අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩාකර ඇත්තේ 2019 වසරේදී.

    Latest News