සිම්බාබ්වේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විකාශන අයිතිය ජාතික රූපවාහිනියට

දෙසැ 29, 2021

    සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනිය හිමිකර ගැනිණ. තරගාවලිය ජනවාරි 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරග 3ක් සඳහායි, දිවයිනට පැමිණෙන්නේ. කණ්ඩායම ජනවාරි 10 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

    ප්‍රථම එක්දින තරගය ජනවාරි 16 වැනිදාත්, දෙවැනි තරගය ජනවාරි 18 වැනිදාත් පැවැත්වෙයි.තුන්වන තරගය පැවැත්වෙන්නේ, ජනවාරි 21 වැනිදායි.

    මෙම සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි, සැලසුම් කර ඇත්තේ.

    Latest News