ICC ලාබාලතම සභාපතිවරයා ඉන්දියාවෙන්

අගෝ 28, 2024

    ජේ අමිත්භායි ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා.

    2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධූරයට පත්වූ ෂා 2021 ජනවාරි මස සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.

    35 හැවිරිදි ෂා ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයායි.

    "ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නම් කිරීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා, ක්‍රිකට් තවදුරටත් ගෝලීයකරණය කිරීම සඳහා ICC සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට මම කැපවී සිටිනවා. එක්දින, T20, ටෙස්ට් ආකෘති 3 සඳහාම උසස් තාක්ෂණයන් භාවිතා කිරීම, නව වෙළඳපොල අවස්ථා උදා කිරීම හරහා ක්‍රිකට් ක්‍රීඩාව අන් කවරදාටත් වඩා තව දුරටත් ජනප්‍රිය කරවීම මගේ අරමුණයි” ෂා ප්‍රකාශ කළේය.

    ICC මුල් පුටුවට පත්වූ ලාබාලතම සභාපතිවරයා වන්නේද ජේ අමිත්භායි ෂා වීම විශේෂත්වයක්.

     

    Latest News