ශ්‍රී ලංකාවට තවත් වොලිබෝල් ජයග්‍රහණ 2 ක්

දෙසැ 26, 2021

    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ තවත් තරග 2 කින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ජය වාර්තා කළා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, බංග්ලාදේශයේදී.  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ පැවති තරගයෙන් මාලදිවයින පරාජය කරමින් ජය වාර්තා කළා. ඒ, වට 3 ට බින්දුවක් ලෙසයි. ලකුණ්‍ර තත්වය දැක්වුණේ. 25 ට 15 ක්, 25ට 14ක් සහ 25ට 13ක් ලෙස.

    ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ තරග වැදුණේ. නේපාලයට එරෙහිවයි. එහි පළමු වට දෙක ශ්‍රී ලංකාව ජයගත් අතර, තෙවැනි සහ සිව්වැනි වට ජය ගත්තේ, නේපාලයයි. තීරණාත්මක තුන්වැනි වටය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව, වට 3 ට 2ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තා.

    තරගයේ දක්ෂතම ක්‍රීඩකයා මහේල ඉන්දීවර.

    Latest News