ක්‍රිකට් නිලවරණය 20 වැනිදා

මැයි 16, 2023

    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර දෙකේ පළ වූ රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.

    එදිනට පෙර පැවති රෙගුලාසිවලට අනුකූලව ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් පත්‍රයේ රෙගුලාසි ලබන අගෝස්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි.

    ඒ අනුව, මැයි මස 20 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී තේරී පත්වන නව නිලධාරී මණ්ඩලයට නව රෙගුලාසි නොතකා නිලතල දැරීමේ කාලසීමාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව හැකි වනවා.

    නව ගැසට් පත්‍රයේ රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගත් අතීත තීරණ සඳහා බලපෑමක් ඇති වන්නේ නැහැ.

    Latest News