නවසීලන්ත පිල දෙවැනි ඉනිම 195/7 යි

අගෝ 16, 2019

    ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

    දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබා සිටී. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 07ක් දැවී ලකුණු 227ක් ලබා සිටියේය. සියලු දෙනා දැවී තරගය නතර කරන විට ඔවුන් රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 267ක්. ඒ, නවසීලන්තය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 249ට පිළිතුරු ලෙස. නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් ලබාගැනීමට සමත්වූහ. පන්දු යැවීමේදී අජාස් පටෙල් කඩුලු 5ක් බිඳ හෙලීය. නවසීලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුලු 03 ලකුණු 25ක් තුළ දැවී ගියේය. තොම් ලේතම් ලකුණු 45යි. ඔහු දැවී ගියේ නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි. අද දිනය නිමාවන විට ඩී.ජේ. වෙයිටින් නොදැවී ලකුණු 63ක් ලබා ගැනිමට සමත්විය. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 04ක් දවාගත්තේය. අද තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 177ක් ලබා සිටී.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 19:06

    Latest News