මරදාන නිවාස සංකීර්ණයේ 2,000ක් නිරෝධායනයට

අප්‍රේ 02, 2020

    මරදාන ඉමාමුල් අරූස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ 2,000කට ආසන්න පිරිසක් එම නිවාස සංකීර්ණය තුළම නිරෝධායනයට යොමුකර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම නිවාස සංකීර්ණයට ඇතුළු වීම හා පිටවීම ද සීමාකර ඇති බවයි.

    මෙරට තුන්වන කොරෝනා මරණය ලෙස ඊයේ (01) රාත්‍රියේ මියගිය මරදාන ප‍්‍රදේශයෙන් හදුනා ගැණුනු 73 හැවිරිදි පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි මෙම නිවාස සංකීර්ණයේ පවුල් 400ක් පදංචිව සිටියි.

    අදාළ පුද්ගලයා මියගොස් තිබුණේ කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන පැය 24ක් ගත වීමටත් පෙරය.

    මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් පිරිසක් ද මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව වාර්තාවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 12:38

    Latest News