නිරෝධායනය අවසන් කළ 533ක් නිවෙස් වෙත

මැයි 10, 2020

    නිරෝධායන මධ්‍යස්ථාන අටක සාර්ථකව නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 533 දෙනෙක් නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 62නෙක්,පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 75 දෙනෙක්, විඩත්තපලෙයි මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 298 දෙනෙකු සහ  අයියකච්චි , දියතලාව , බූස්ස , හොටෙල් ඩොල්ෆින් යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 98 දෙනෙක් සාර්ථකව නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත් කළ බව යුධ හමුදාව පවසයි.

    ඔවුන් සියලු දෙනා පිටත් කර හැරිමට පෙර  පි.සි.ආර් පරික්ෂණ සදහා යොමුකර තිබේ.

    මේ වන විට ත්‍රිවිඩ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 තුළ පුද්ගලයින් 4428 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 08:56

    Latest News