සූදු ක්‍රීඩාකළ 9ක් නිරෝධායනයට

අප්‍රේ 16, 2020

    විස්සාවේල්ල ප්‍රදේශයේ දී සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් 9 දෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය ලක්කර තිබේ.

    ඊයේ සවස (15) අත්අඩංගුව ගත් ඔවුන් අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණ. අනතුරුව පොලිසිය විසින් බී වාර්තාවක් මගින් ඉල්ලා සිටි පරිදි එම පුද්ගලයින් ස්වයං නිරෝධායනය ලක් කිරීමේ කොන්දේසි සහ එම නිරෝධායාන කටයුතු නිමවීමෙන් පසු අධිකරණය වෙත පෙනී සිටීමේ කොන්දේසිවලට යටත්ව ඇප මත නිදස් කෙරිණ. ඔවුන් සීතාවකදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහ අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අද සිට දින 21ක් ස්වයං නිරෝධායනයට ලක් කරනු ලැබීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 16:07

    Latest News