වැලිසර නාවික හමුදා කඳවුරු තවදුරටත් නිරෝධායනයට

අප්‍රේ 27, 2020

    වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි.

    මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ. කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන තිබේ.

    කඳවුරු පරිශ්‍රය තුළ දී වෛරස ආසාදිතයින් පසුගියදා හදුනාගැනීමත් සමග ඔවුන් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමුකිරීමට පියවර ගෙන තිබේ.

    පරීක්ෂණ මගින් හදුනා ගන්නා ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට සුදුසු රෝහලක් වශයෙන් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටා ඇති නාවික මහ රෝහල යොදා ගැනීමට මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

    Latest News