අවිස්සාවේල්ල, තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 21 හා තරුණියන් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොකේන් මත් කුඩු ගුලි තොගයක් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

බුත්තල නගරයේ දී සිදු කල වැටලීමක දී සිම් කාඩ්පත් අලෙවි කරන මුවාවෙන් පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තැපැල් මගින් මෙරටට ලැබුණ මත් පෙති 2952ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 27.5ක් වටිනා මත්පෙති(Ecstasy)5,500ක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

2003 වසරේ කොළඹ, වෝඩ් පෙදෙසේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 23 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු අඹුසැමි යුවළට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට අලෙවි කිරීමට තහනම් කර ඇති එන්.සී නමැති මත්ද්‍රව්‍ය ටින් 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් නැමැති විෂ මත්ද්‍රව්‍ය සමග අද (17) අලුයම සැකකරුවන් තුන් දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Latest News