අවිස්සාවේල්ල ෆේස්බුක් සාදයක් වටලා මත්කුඩු සමග 25කට මාංචු

ඔක් 13, 2019

    අවිස්සාවේල්ල, තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 21 හා තරුණියන් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සතුව තිබී හෙරොයින්,අයිස්,ගංජා යන මත්ද්‍රව්‍ය තිබූ බවයි අවිස්සාවේල්ල පොලීසිය පවසන්නේ. මෙම තරුණ තරුණියන් ඇඹිලිපිටිය,දෙහිඕවිට,කොස්ගොඩ,කොළඹ,ගාල්ල,මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

     

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 10:41

    Latest News