කෝකේන් ගුලි 95ක් ගිල පැමිණි බ්‍රසීල කතට රේගුවෙන් මාංචු

සැප් 29, 2019

    කොකේන් මත් කුඩු ගුලි තොගයක් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නයි. 50 හැවිරිදි සැකකාර කාන්තාව ගුවන්තොටුපොළ රේගු පරිශ්‍රය මග හැර හදිසියේම පිටවීමට තැත්කිරීමේ දීයි රේගු අත්අඩංගුවට පත් වී තිබේ. එහිදී සිදුකළ ස්කෑන් පරීක්ෂණයේ දී ඇයගේ උදරයේ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගුලි 95ක් නිරීක්ෂණය වී තිබේ. අනතුරුව ඇයව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරිණ. එහිදී කොකේන් අඩංගු ගුලි 52ක් මේ වන විට ඉවතට ගැනීමට හැකිවී තිබේ.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 11:08

    Latest News