'මතින් නිදහස් රටක්' ප්‍රධාන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ජූලි 01, 2019

    මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වන දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි.

    මෙහි ප‍්‍රධාන සමුළුව හෙට (01) පෙරවරුවේ කොළඹ සුගතදාස කි‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි. ජූනි 26 වන දාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප‍්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පාසල් දරුවන්, විශ්විවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය කි‍්‍රයාවටය නැංවිණි.

    සතියේ පළමු දිනය වූ ජූනි 24 වන දා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද, ජූනි 25 වන දා ප‍්‍රජා සංවිධාන මුලික කරගත් වැඩසටහන් ද, ජූනි 26 වන දා රාජ්‍ය ආයතන සඳහා වූ වැඩසටහන් ද, ජූනි 27 වන දා ආරක්‍ෂක අංශ විසින් කි‍්‍රයාත්මක කළ වැඩසටහන් ද, ජූනි 28 වන දා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා වූ වැඩසටහන් ද, ජූනි 29 වන දා විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කරගත් වැඩසටහන් ද, අවසන් දිනය වන අද දින රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත‍්‍ර නිලධාරින් දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහන් ද දීප ව්‍යාප්තව සංවිධානය කර තිබිණි. පා ගමන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත‍්‍රණ, දේශන චිත‍්‍ර සහ පෝස්ටර් තරඟ ඇතුළු වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වූ අතර එම සියලූ වැඩසටහන් සඳහා ඉහළ ජනතා සහභාගිත්වයක් දක්නට ලැබීම විශේෂත්වයකි.

    මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ‍්‍රී ලංකා පොලිසිය එක්ව මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාවක් ද පිළියෙළ කළ අතර එම වාර්තාව හෙට පැවැත්වෙන සමුළුවේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට නියමිතය. ජනාධිපතිතුමාගේ ඝෘජු මැදිහත්වීමෙන් කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන තුළින් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය ආශි‍්‍රත වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන්ට ඇතුළත්වීම ආශ‍්‍රීත විවිධ ජයග‍්‍රහණ රැසක් සපුරාගෙන තිබේ.

    මෙම ඉලක්ක සපුරා ගැනීමේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිස්ති‍්‍රක් සමුළු 14ක් පවත්වා තිබෙන අතර, දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය, ග‍්‍රාමීය වශයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු 15,000කට අධික සංඛ්‍යාවක් අද වනවිට සාර්ථකව රට පුරා දියත් වේ. දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ තාක්ෂණික සහයකයින් 72,000ක සංචිතයත් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පෙළ ගැසී සිටිති. තිරසර පාසල් වැඩසටහන යටතේ 6000 ඉක්මවු පාසල් සංඛ්‍යාවක මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා තිබේ. දිවයින පුරා 10,000කට අධික දහම් පාසල්වල කළ්‍යාණ මිත‍්‍ර සමාජ සාර්ථකව දියත් වේ. පළමු වතාවට මත්ද්‍රව්‍ය නිවාරණයට ති‍්‍රවිධ හමුදාවේ පුළුල් දායකත්වයක් ලබා ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙන අතර මත්ද්‍රව්‍ය නිවාරණයට දායකවන සියලූ නිලධාරින් අගයමින් ජනාධිපති සම්මාන පිළිගැන්වීමට ද කටයුතු කෙරිණි. මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාවලිය පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කිරීම උදෙසා නඩු කටයුතු අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 1695ක් ප‍්‍රසිද්ධියේ විනාශ කර තිබේ.

    2015 වසරේ සිට 2019 වසර දක්වා අත්අඩංගුවට පත් විවිධ වර්ගවලට අයත් විෂ මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය කිලෝ 24,818 යි ග‍්‍රෑම් 393, මිලිග‍්‍රෑම් 767කි.

    Last modified on සදුදා, 01 ජූලි 2019 11:35

    Latest News