ව්‍යවස්ථා සංශෝධනයන්ට පෙර සිදුකළ යුත්තේ, ජනතාවගේ කුසගින්නට විසඳුම් සෙවීමට කටයුතු කිරීම බව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි, චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉන්ධන හිගයක් ඇති බවට පළ වන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජයට පත්විය. යෝජනාවට විරුද්ධව ඡන්ද 152ක් ලැබුණු අතර පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 61ක් පමණයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද ආරම්භ වීමට නියමිතයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංග යෝජනාව අද (22) උදෑසන කථානායකවරයා වෙත භාරදී ඇත.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (17) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.

ආණ්ඩු බලය ලබා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය පළමුවෙන් කළ යුත්තේ නිවැරදි ක්‍රමයට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Latest News