අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙයි

ජූනි 22, 2021

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංග යෝජනාව අද (22) උදෑසන කථානායකවරයා වෙත භාරදී ඇත.



    කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළේය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම විශ්වාසභංග යෝජනාව අද බාර දුන්නේය.

    සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු එම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තබා තිබේ.

    මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධතා රථ පෙළපාලියක් අද උදෑසන ආරම්භ කර තිබුණි.

    Latest News