එජාපයට ආණ්ඩු බලය ගන්න ක්‍රමයක් (වීඩියෝ)

දෙසැ 03, 2018
  • ආණ්ඩු බලය ලබා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය පළමුවෙන් කළ යුත්තේ නිවැරදි ක්‍රමයට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    ජනාධිපති නිල නිවසේ ඊයේ පැවති හමුවකින් අනතුරුව, මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

    එහිදී ජනාධිපතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ජාවක් පැවති බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 11:18

    Latest News