උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට (වීඩියෝ)

ජූලි 20, 2021
  • බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජයට පත්විය. යෝජනාවට විරුද්ධව ඡන්ද 152ක් ලැබුණු අතර පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 61ක් පමණයි.

    ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වශයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව පවසමින් සමගි ජනබලවේගය විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත බාරදුන්නේය.

    මේ පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී සාකච්ජා කිරීමෙන් අනතුරුව දින දෙකක කාලයක් විවාදය සඳහා අවස්ථාව ලබාදීමටයි,පක්ෂ නායකයන් තීරණය කළේ. ඒ අනූව, අද සවස 5.45ට පමණ ඡන්ද විමසීම සිදු කෙරිණ.

    සමගි ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය,ජාතික ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි සියලු හවුල්කාර පක්ෂ, විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 20 ජූලි 2021 18:18

    Latest News