කොටි - මිනිස් ගැටුම අවම කර ගැනිමේ අරමුණෙන් අඹගමුව, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ වනජිවි නිලධාරින් විසින් හොර්ටන්තැන්න ජාතික වන උද්‍යාන මුලස්ථානයේ දී.

කොටි මෙහෙයුම

අප්‍රේ 26, 2024

දඩයම්කරුවෙකුගේ කම්බි මදුවකට හසුවී සිටි කඳුකර කොටියකු මුදවා ගැනීමට නල්ලතන්නිය වනඡීවී නිලධාරීන් සමත්වී තිබෙනවා.

සමර්හිල් කඳුකර කොටියාගේ මරණය සම්බන්ධ අවසන් වාර්තාව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාරදී තිබෙනවා.  අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුව ඇති හානිය නිසා කොටියා මරණයට පත්ව ඇති බවත්, ගසට යටවී නොමැති බවත් කමිටුව අමාත්‍යවරයාට දන්වා තිබෙනවා. 

පසුගිය 7 වැනිදා හැටන්හිදී මද්දකට හසුවූ කඳුකර කොටියා මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙනවා.  ඒ සදහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ හැටන් දික්ඔය වනරාජා වතුයායට පැමිණියා.    

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගියදා උපත ලැබූ බෙංගාල ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනෙක් ඊයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණ. සත්වෝද්‍යානයේ බලධාරීන් පවසන්නේ, එම පැටවුන්ට නම් තැබීමේ අවස්ථාව මහජනතාවට ද හිමි වන බවයි.

මන්දකට හසු වි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තේ වත්තේ තිබි ඊයේ (21) දින සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලය සඳහන් කරයි.

හෝටන් තැන්න විශේෂයෙන් ඒක දේශික පක්ෂින් හා වෙනත් සත්වයින් නැරඹීම සඳහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයන් අතර ද ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.

හැටන් කොටගල ප්‍රදේශයේ නිවාස අසල ගොදුරු සොයා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කටයුතු කරන බව වනජිවි නිලධාරින් පවසයි.

Latest News