සුනඛ සුරතලුන් ඩැහැ ගන්නා කලු කොටියා (වීඩියෝ)

ඔක් 03, 2020
  • හැටන් කොටගල ප්‍රදේශයේ නිවාස අසල ගොදුරු සොයා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කටයුතු කරන බව වනජිවි නිලධාරින් පවසයි.

    හැටන් කොටගල ක්‍රිස්වස්ෆාම් ප්‍රදේශයේ ඇති කරන කුකුලන් සහ සුනඛයින් ගොදුරු කර ගැනිම සදහා මෙම කඳුකර කොටියන් පැමිණෙන බවට වාර්තාවේ.

    එම සතුන් රාත්‍රී කාලයේ අතුරුදහන්විම සම්බන්ධයෙන් එම වතුයායේ පදිංචිකරුවන් එ පිලිබදව සොයා බැලිමට ඇතැම් නිවාසවල ආරක්ෂිත කැමරා සවි කර තිබේ.

    එසේ සවි කර තිබු කැමරාවක සටහන් වි තිබුණේ රාත්‍රී කාලයේ තම නිවාස අසල රක්ෂිතවල සැරිසරන හොදින් වැඩුණු කදුකර කොටියෙකු තම නිවාස අසලටම පැමිණ සුරතලේට ඇති කරන සුනඛයෙකු ගොදුරු කරගෙන යන අයුරුයි.

    පවත්නා තත්වය මත රාත්‍රී කාලයේ කිසිදු අවශ්‍යතාවයකට නිවසින් පිටතට ඒමට පවා නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවත්, කදුකර කොටියන් තම නිවාස අසල සැරිසරන නිසා තම ජිවිතවලට ද දැඩි අවධානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    Latest News