කොටි - මිනිස් ගැටුම බේරන වනජීවී

අගෝ 12, 2023

    කොටි - මිනිස් ගැටුම අවම කර ගැනිමේ අරමුණෙන් අඹගමුව, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ වනජිවි නිලධාරින් විසින් හොර්ටන්තැන්න ජාතික වන උද්‍යාන මුලස්ථානයේ දී.

    තේ වතු ආශ්‍රිතව සැරිසරන කඳුකර කොටියන් ගොදුරු සොයා පැමිණෙන විට සතුන් දඩයම් කිරිම සඳහා පුද්ගලයන් විසින් අටවනු ලබන කම්බි මදුවලට හසු වී මියයාම් ,තුවාල සිදුවීම් බහුලව දක්නට ලැබෙනවා.

    එමෙන්ම,කදුකර කොටියන් විසින් තේ වතු ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයන්ට පහර දී තුවාල සිදු කිරීම ද වාර්තා වනවා.

    කොටියන් කම්බි මදුවලට හසු වී සිටිව අවස්ථාවලදී සහ තේ වතු ආශ්‍රිතව සැරිසරන විට ග්‍රාම නිලධාරීන් විසින් වනජිවි නිලධාරින්ට සහ පොලිසිට ක්ෂණිකව දැනුම් දිය යුතුයි.

    එම ස්ථානවලින් බාහිර පුද්ගලයන් ඉවත් කිරිමට පියවර ගැනිමට ග්‍රාමසේවා නිලධාරිවරයාට වගකිමක්.

    වතු අධිකාරීවරුන්,කාර්ය මණ්ඩලය, වතු ජනතාවට කඳුකර කොටියා පිළිබඳව දැනුවත් කළ අතර, මදුවලට කොටියෙක් අසුවු විට වනජීවි නිලධාරීන් පැමිණෙන තුරු ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳව ද මෙම වැඩසටහනේ දී උපදෙස් ලබා දුන්නා.

    දැනට ලොව සිටින කොටි විශේෂ අටෙන් එක් උප විශේෂයක් ලෙස ශ්‍රී ලංකා කොටියා නම් කොට තිබෙනවා. මොවුන් සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා (Panther Pardus Kotiya) යනුවෙන් හඳුන්වනවා.

    දහවලදීත් දැකගත හැකි වුණත් ඌ නිශාචර සතෙක්. ඌ වැඩිපුරම ගොදුරු සොයා ඇවිදින්නේ රාත්‍රියේදි යි. ඒ නිසා රාත්‍රියේ දී මදුවලට අසුකර ගැනීම දඩයම්කරුවන්ගේ අරමුණ.

    කඳුකරයේ ජීවත්වන කොටි කඳුකර කොටියා ලෙස හඳුන්වනවා. මීට අමතර ව ලෝකයේ බිලාල පවුලේ කුඩා සත්ව විශේෂ 33ක් සිටින අතර, ඒ සත්ත්ව විශේෂ අතරින් විශේෂ තුනක් ලංකාවේ දැකගත හැකි යි.

    ඒ තමයි කොළ දිවියා, හඳුන් දිවියා සහ වල් බළලා. මේ අතරින් කොළ දිවියා සහ හඳුන් දිවියා යන වර්ග දෙකත් කඳුකර ප්‍රදේශවල ජීවත් වෙනවා.

    QKP5ofxoky6CSQp7 5

    පශු වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොටින් පිළිබඳ සමීක්ෂණයක් කර නැතත් කොටින් 800කට වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වනාන්තරවල පැතිරී සිටින බව යි.

    කඳුකරයේ තේ වතු ආශ්‍රිත වනාන්තරවල වල් ඌරෝ, මීමින්නෝ, ගෝනුන් වැනි වනසතුන් අල්ලා ගන්න වතු කම්කරු ජනතාව මදු ඇටවීම පුරුද්දක් ලෙස සිදු කරනවා.

    කැලෑවේ සිට ආහාර හොයාගෙන ජනාවාස අසළට එන කඳුකර කොටින් මේ මදුවලට හසු‍වෙනවා. ඊට අමතරව කොටියාගේ සිරුරේ විවිධ කොටස් ලබා ගැනීම සඳහාත් උන් දඩයම් කිරීම සිදුවන බව පෙනී යනවා.

    QpgksIDbuAV40nPC කවරය

    Latest News