හෝර්ටන් තැන්නේ කොටි (වීඩියෝ)

සැප් 23, 2021
  • හෝටන් තැන්න විශේෂයෙන් ඒක දේශික පක්ෂින් හා වෙනත් සත්වයින් නැරඹීම සඳහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයන් අතර ද ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ආවේනික කඳුකර කො‍ටින් නැරඹිම‍ට ඇති එක් ස්තානයකි හෝටන් තැන්න ජාතික වනෝද්‍යනය. කොටි මව හා පැටවුන් තිදෙනෙකු ගේ ඉතාමත් දුර්ලභ රූපරාමු කිහිපයක් කැමරාවේ සටහන් කරගැනීමට එහි ගිය අප වාර්තාකරු සමත් ව ඇත.

    පසුගිය ව‍ර්ෂ 2 ක කාලයක් තුල උද්‍යානයට ඇතුලුවන රථ වාහන සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් කදුකර කො‍‍ටියන් මෙසේ දැක ගැනීමේ හැකියාව ඉහල ගොස් තිබේ.‍

    හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ජෛව විවිදත්වය ඉහලින් ම පිහිටන ජාතික වනෝදයානයකි. මෙය ලෝක උරැමයක් ලෙස නම් කර ඇත.

    Latest News