මන්දකට හසු වි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයා ගැනේ

ඔක් 22, 2021

    මන්දකට හසු වි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තේ වත්තේ තිබි ඊයේ (21) දින සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලය සඳහන් කරයි.

    නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වත්තේ ඉහල කොටසේ තේ වත්තේ අටවා තිබු මන්දකට හසු වී කඳුකර කොටියෙකු මියගොස් ඇති බවට තම කාර්යාලය වෙත ලද තොරතුරක් මත මියගිය කඳුකර කොටියාගේ සිරුර සොයාගත් බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලය සඳහන් කරන්නේ.

    අවු 04 පමණ වයසැති හොදින් වැඩුණු කඳුකර කොටියා ගැහැණු සතෙකු බවත්, කොටියාගේ බද ප්‍රදේශය මන්දට හසු වි දින ගණනාවක් තේ වත්තේම තිබි ඇති නිසා සිරුර නරක් වි තිබු බවද වාර්තාවේ.

    සතුන් දඩයම් කිරිම සදහා තේ වත්තේ අටවන ලද මන්දකට ගොදුරු සොයා පැමිණි කඳුකර කොටියා හසුවන්නට ඇති බවට වනජිවි නිලධාරි සැකකරයි.

    මිය ගිය කදුකර කොටියාගේ සිරුර හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කර ඇත.

    Latest News