කොටි මෙහෙයුම

ඔක් 12, 2022

    දඩයම්කරුවෙකුගේ කම්බි මදුවකට හසුවී සිටි කඳුකර කොටියකු මුදවා ගැනීමට නල්ලතන්නිය වනඡීවී නිලධාරීන් සමත්වී තිබෙනවා.

    බගවන්තලාව චැපල්ටන් වතු යායට, සුනඛයින් දඩයමේ පැමිණි කොටියකු, වල් ඌරන් දඩයම් කිරීම සඳහා ඇටවූ මදුවකට හසුවී සිටියදී නිර් වින්දනය කර නිරුපද්‍රිතව මුදවා ගැනීමට රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා සහ නල්ලතන්නිය වනඡීවී කාර්යාලයේ නිලධාරීන් අද (12) දින සමත් විය.
    මුදාගත් කඳුකර කොටියා පිරිමි සතෙකු බවත්, සත්වයා සුදුසු පරිසරයකට මුදා හරින බවත් වනඡීවී නිලධාරීන් කියා සිටියේය.

    Latest News