6ක් රෝහල් ගත කළ තණමල්විල අනතුර

සැප් 07, 2020

    වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් ඊයේ (6) කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා තිබේ.

    තුවාල ලැබූවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කිරිමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

    ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන අතර රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට අනාවරණය වී ඇත.

    අනතුරින් තුවාල ලබා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 09:43

    Latest News