පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව අද (13) පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඇය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙන යාමට නියමිත බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට පැනවු විදෙස් ගමන් තහනම ලබන 17 වනදා තෙක් දීර්ඝ කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරිමට නියමිතයි.

ස්විස් තානාපති කාර්යාල නිළධාරිනියගේ සිද්ධිය හොඳින් සැලසුම් කළ නාටකයක් බවත් එයට රාජිත සේනාරත්න මහතාගේ සෘජු මැදිහත්වීම ඇති බවට පෙනී යන්නේ යැයි නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

ස්විස් තානාපති නිලධාරිනිය සම්බන්ධ සිද්ධිය ගොතන ලද පුවතක් බව තහවුරු වී ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය ලබාදුන් නඩු තීන්දුව දේශපාලන අරමුණින් ඉදිරිපත් වූවක් බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

ඊයේ (02) පා.ම. රාජිත සේනාරත්න මහතා විසින් ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳ කළ ප්‍රකාශයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතිචාර දක්වයි.

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට CIDයට ප්‍රකාශයක් ලබා දෙන තුරු විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් තර තිබේ.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක මුහුණදුන් බව කියන සිද්ධියට අදාළව තානාපති කාර්යාලය ලබාදුන් තොරතුරු හා විමර්ශනවල දී අනාවරණය වූ තොරතුරු එකිනෙකට නොගැළපෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

පසුගිය දිනක ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වු බවට ලැබුණු තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුගිය දා (27) විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Latest News