බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට වියානා සම්මුතියට අනුව තානාපති මුක්තිය හිමියි (වීඩියෝ)

දෙසැ 08, 2019
  • බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය ලබාදුන් නඩු තීන්දුව දේශපාලන අරමුණින් ඉදිරිපත් වූවක් බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට වියානා සම්මුතියට අනුව තානාපති මුක්තිය හිමි බවයි. ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හස්ථ සංඥාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩුවක් ගොනු කෙරිණ. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය තීන්දු කලේ, ඊට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු බවයි. ස්ටර්ලින් පවුම් 4000ක දඩයක් ගෙවන ලෙසට ද ඔහුට නියම කෙරිණ.

    සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එක්සත් රාජධානියේ මැතිවරණය ආසන්න මොහොතක ලබාදුන් මෙම තීන්දුව දේශපාලන අරමුනින් ඉදිරිපත් වූවක් බවයි. එමගින් පෙන්වා දෙන්නේ, ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. 

    නව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ද කළුතර පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කළේය.

    Last modified on ඉරිදා, 08 දෙසැම්බර් 2019 20:11

    Latest News