ස්විස් තානාපති කාර්යාල සිද්ධිය නාටකයක්.... සෘජු මැදිහත්වීම රාජිතගේ - නීතිඥ මනෝජ් ගමගේ

දෙසැ 11, 2019

    ස්විස් තානාපති කාර්යාල නිළධාරිනියගේ සිද්ධිය හොඳින් සැලසුම් කළ නාටකයක් බවත් එයට රාජිත සේනාරත්න මහතාගේ සෘජු මැදිහත්වීම ඇති බවට පෙනී යන්නේ යැයි නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

    නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    මේ අනුව රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ක්‍රියා කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුනී. මෙහි වරදකරුවන් කවුරු වුවත් ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ බවත් නීතිය හරියාකාරව ක්‍රියාත්මක කළ යුතු බවත් නීතිඥ මනෝජ් ගමගේ අවධානරය කළේය.

    Latest News