කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් වසාදැමුණු පාසල් මාස 03 කට පසුව නැවතත් අද සිට විවෘත කෙරුණා.

පාසල් ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන මත් උවදුර සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඊයේ පේරාදෙණියේ පිහිටි විද්‍යාලයකට පැමිණියේය.

පළමු පාසල් වාරයේ ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩක් ලබාදී දෙවැනි සහ තෙවැනි වාරවල දී පමණක් විභාග පැවැත්වීමේ තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම සළකා බලා පාසල් වාරය මැද ගුරු මාරු කිරීම් තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පොළොන්නරුව,ඇළහැර,බකමූණ මහසෙන් කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරට දරුවන් පස් දෙනකු ඇතුළත් කර නොගත්තේයැයි, චෝදනා කරමින් දෙමව්පියන් සහ කුඩා දරුවන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු ලබන 18වැනිදා සිට 26වැනිදා දක්වා පැවැත්වෙන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. ඒ සදහා ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 27ක් තෝරාගෙන ඇතැයි ඔහු පැවසීය. 

සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) ආරම්භ වෙයි.

පාසල් පද්ධතිය තුළ ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් ලෙස වර්ධනය කිරීමටත් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නව ත්‍රෛභාෂා පාසල් පිහිටුවීමටත් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් ලෙස අනුමත කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (02) ආරම්භ වේ.

අවුරුදු දෙසීයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

Latest News